INFORMATION AND ADVICE තොරතුරු හා උපදෙස් தகவல் மற்றும் ஆலோசனை



  • නිවැරදිව බිත්තර වී පැළ කිරීම සඳහා අත්වැලක් - 




    • සම්පත් බිත්තර වී  නිෂ්පාදන - කොටවෙහෙරමංකඩ, බළන්ගොඩ.  ආයතනය වෙතින්

    • වැදගත් - වඩාත් දිරිමත් නිරෝගී වගාවක් සඳහා පැය කිහිපයක් තද අවුවේ  වියලා නිවුනු පසු පෙඟවීම ආරම්භ කරන්න. 

    • පියවර -
    • 1. පළමුව  වී ජලයෙන් වාර 3ක් පමණ හොඳින්  සෝදා ජලයේ පාවෙන සියළු කොටස් පෙරා හරින්න.
    • 2. ඉන්පසු පිරිසිදු ටැංකියකට බැරලයකට හෝ වෙනයම් භාජනයකට තුනෙන් දෙකක් (2/3) වී දමා ඉතිරි කොටස ජලයෙන් පුරවන්න.
    • 3. පැය 8කට වරක් වී සෝදා  හැර නැවත පිරිසිදු වතුර වලින්  භාජනය පුරවන්න.
    • 4. මෙසේ පැය 24ක් පමණ වී පොඟවා නැවත වාර 3ක් පමණ හොඳින් පිරිසිදු ජලයෙන් සෝ දා හැර ජලය බේරෙන ලෙස පැයක් පමණ තබන්න.


    • 5. වැඩි ජලය ඉවත් වූ පසු අඟල් 4 ක් පමණ ඝනවන  සේ ආරක්‍ෂිත වු සමතලා  ස්ථානයක  හා වාතාශ‍්‍රය ලැබෙන තැනෙක අඩියට හොඳින් සෝදාගත් පොහොර උර තට්ටු 2ක් පමණ එලා  ඒ මත  පොඟවූ වී සමාකාරව යහන්කර අතින් තද කරන්න. යහන් පාත්තියක පළල උපරිම  අඩි 2 1/2 ට වඩා නොගන්න.
    • 6. යහන් කළ බැත වී උඩින් කෙසෙල් කොළ හෝ හබරල කොළ වලින්  හෝ හොඳින් වසා උඩින්  කවර පේළියකින්  වසා බර තබන්න.
    • 7. දින 02 ක් වන විට  බීජ කණු කැපී ඇති අතර  වියළී ඇත්නම් අවශ්‍ය තරම් ජළය  ඉස හොඳින් කලවම් කර නැවත වසා තබන්න. (පහතට බේරෙන තෙක් ජලය දමන්න එපා.)
    • 8. දින 04 - 05 ක් යන විට හොඳින් ඒකාකාරීව පැළ වී මුල් ඇදුන වී වැපිරීම සඳහා භාවිතා කරන්න.
    • සැ. යු.- කිසිවිටෙක බොර වතුර හෝ පල්වූ වතු භාවිතා නොකරන්න.


    No comments:

    Post a Comment